සෞඛ්‍ය ඇමති WHO විශේෂඥයින් සමඟ සාකච්ඡාවක
April 20, 2026 04:52 pm
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද (20) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැදගත් සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) 1000ක් පිහිටුවීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ එහි සාර්ථකත්වය පිළිබඳව දීර්ඝව අවධානය යොමු කෙරිණි.
මෙම මධ්‍යස්ථාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බෝ නොවන රෝග (NCD) පාලනය කිරීම, රෝග කල්තියා හඳුනා ගැනීම සහ ග්‍රාමීය මට්ටමින් ජනතාවට වඩාත් සමීප, ගුණාත්මක සහ කඩිනම් සෞඛ්‍ය සේවාවක් ලබාදීම බව සාකච්ඡාවේ දී අවධාරණය කළ අමාත්‍යවරයා බෝ නොවන රෝග පරීක්ෂාව, පිළිකා කල්තියා හඳුනා ගැනීම, වැඩිහිටි හා සහන සත්කාර, විශේෂිත සායන, පෝෂණ හා උපදේශන සේවා, රසායනාගාර පරීක්ෂණ එම මධ්‍යස්ථාන මගින් ලබාගත හැකි සේවාවන් බව ද කාර්ය මණ්ඩලය සහ ව්‍යාපෘතියේ ව්‍යාප්තිය පිළිබඳව ද කරුණු අවධාරණය කරන ලදි.
සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම මගින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, ඒ සඳහා WHO ආයතනය විසින් ලබාදිය හැකි තාක්ෂණික සහ මූල්‍යමය සහයෝගය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මෙම විශේෂඥ කණ්ඩායම අප්‍රේල් 24 දක්වා දිවයිනේ රැඳී සිටිමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර අධ්‍යයන සිදු කිරීමට නියමිත අතර, එම සමාලෝචනයෙන් ලැබෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් කාර්යක්ෂම හා ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීම රජයේ අරමුණ වේ.
