ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි 

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි 

April 20, 2026   03:18 pm

දෙදින නිල සංචාරය නිමාවට පත් කරමින් ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. 

නිල සංචාරය ආරම්භ කරමින්, ඔහු දිල්ලි සිට ඊයේ (19) මෙරටට පැමිණියේය. 

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය.