ඉන්දීය උප ජනපති නුවරඑළිය සීතාඅම්මන් කෝවිල වැඳපුදා ගනියි
April 20, 2026 03:08 pm
දෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දීයානු නියෝජ්‍ය ජනාධිපති සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැදපුදාගෙන තිබේ.
එහිදී උප ජනාධිපතිවරයා ඉන්දියානු ආධාර යටතේ රාගල ලිඩල්ස්ඩේල් වතුයායේ ඉදිකළ වතු නිවාස යෝජනා ක්‍රමය නිරික්ෂණය කිරිමෙන් අනතුරු එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් සමඟ සුහද පිලිසදරක නියැලිණි.
ඉන් අනතුරුව නුවරඑළිය සීතාඅම්මන් කෝවිල වෙත පැමිණි ඉන්දියානු උප ජනාධිපතිවරයාව එම කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති විසින් පිළිගෙන ඇති අතර එහිදී උප ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක්ද පවත්වා තිබේ.
මෙහිදී ඉන්දියානු උප ජනාධිපතිවරයාගේ මෙරට සීතාඅම්මන් කෝවිලේ සංචාරය සඳහා මතක සටහනක් වශයෙන් එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් සිහිවටනයක් ලෙස තිළිණයක්ද පිලිගන්වා තිබේ.
