වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී
April 20, 2026 02:17 pm
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 8කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ සංචාරකයින් 809,595ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 167,095ක් වේ.
එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 15 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 68,961 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවය.
