ටයිටැනික් නෞකාවේ ජීවිතාරක්ෂක කබායක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

ටයිටැනික් නෞකාවේ ජීවිතාරක්ෂක කබායක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

April 19, 2026   03:44 pm

ටයිටැනික් නෞකාවෙන් දිවි ගලවා ගත් අයෙකු භාවිතා කළ ජීවිතාරක්ෂක කබායක් බ්‍රිතාන්‍ය පවුම් 670,000ක මුදලකට එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 28කට අධික මුදලකට වෙන්දේසියකදී අළෙවි වී තිබේ.

නෞකාව ගිලී වසර 114ක් ගතවී ඇති අතර, වෙන්දේසියකදී අලෙවි වූ එකම ටයිටැනික් ජීවිතාරක්ෂක කබාය මෙය වේ. 

1912 වසරේ සිදුවූ එම ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් 700දෙනාගෙන් එක් අයෙකු වූ පළමු පන්තියේ මගියෙකු වන ලෝරා මේබල් ෆ්‍රැන්කැටෙලි ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැගීමට පෙර මෙම කබාය පැළඳ සිට ඇති බව වාර්තා වේ.

සාක්කු 12කින් සමන්විත, උරහිස් ආධාරක සහ පැති පටි සහිත මෙම ජීවිතාරක්ෂක කබාය මත ෆ්‍රැන්කැටෙලි සහ අනෙකුත් දිවි ගලවා ගත් අය ඔවුන්ගේ අත්සන් යොදා තිබුණි.

මෙම කබාය පවුම් 250,000ත් 350,000ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කළද, එය බලාපොරොත්තු වූවාට වඩා පවුම් ලක්ෂ ගණනක් වැඩි මුදලකට අලෙවි වී ඇත.

1912 වසරේදී උතුරු අත්ලාන්තික් සාගරයේදී මෙම ටයිටැනික් නෞකාව අයිස් කන්දක ගැටීමෙන් විනාශ විය.