දුම්රියේ ගැටීමෙන් විදෙස් තරුණියක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටීමෙන් විදෙස් තරුණියක් ජීවිතක්ෂයට

April 19, 2026   01:07 pm

බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කබලාන දුම්රිය හරස් මාර්ගයේදී අද (19) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අදාළ කාන්තාව ඉලෙක්ට්‍රොනික් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙසේ අනතුරට ලක්ව ඇති බවද වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 වන රුසියානු ජාතික කාන්තාවකි.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වී තිබී ඇති බවද සඳහන් වේ.

අහංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.