උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනය
April 18, 2026 03:50 pm
උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් හෙට (19) ඇතැම් ප්‍රදේශ වල උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම එනම් 'අවධානය යොමු කල යුතු' මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද (18) ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.
