ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
April 18, 2026 03:29 pm
ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරයට අදාළව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
උප ජනාධිපතිවරයා හෙට (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළඟාවන අතර එතැන් සිට ඔහු ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණීමට නියමිතය.
ඒ අනුව එම කාලසීමාවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව ද පොලිසිය සදහන් කළේය.
ඉන් අනතුරුව ඉන්දීය උප ජනාධිපතිවරයා එම හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත බැවින් ඒ ආශ්‍රිතව ද රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පැවසීය.
අනිද්දා දිනයේ ද ඉන්දීය උප ජනාධිපතිවරයා රැගත් ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා මාර්ග ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.
Media on 2026.04.18 පැය 1430 ඉන්දීය උප ජනාධිපතිතුමාගේ සංචාරය රථවාහන සැලැස්ම by poornima
