පාකිස්තානයට හා ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක්
April 18, 2026 02:09 pm
පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
අද (18) උදෑසන සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.5ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූකම්පනය පාකිස්තානය මෙන්ම ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව සදහන් වේ.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඉන් සිදුවු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවය.
