සටන් විරාමය අතරතුර එකඟතාවයකට නොපැමිණියහොත් යළි ප්‍රහාර එල්ලකරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
April 18, 2026 01:54 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන සටන් විරාම කාලය අවසන් වීමට පෙර ස්ථිර එකඟතාවයකට නොපැමිණියහොත්, ඉරානයට එරෙහිව යළිත් බෝම්බ ප්‍රහාර ආරම්භ කරන බවයි.
අමෙරිකාව හා ඉරානය අතර දැනට පවතින සටන් විරාමය ලබන සතියේ අවසන් වීමට නියමිතය.
එය දීර්ඝ නොකළහොත් යළිත් යුධමය තත්ත්වයක් ඇති විය හැකි බවට ට්‍රම්ප් අනතුරු අඟවා ඇති අතර සාර්ථක ගිවිසුමකට එළඹිය හැකි වනු ඇති බවට ට්‍රම්ප් බලාපොරොත්තු වන බව සඳහන් වෙයි.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නැව්වලින් ගාස්තු අය කිරීමට ඉරානය දරන උත්සාහයට ට්‍රම්ප් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
