හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
April 18, 2026 01:18 pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊයේ (17) මධ්‍යම රාත්රියේදී පිටිගල පොලිස් වසමේ බඹරවාන උස්බීම් ජනපදය ප්‍රදේශයේ ඩීජේ වත්ත යන ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කලහකාරී අන්දමින් හැසිරීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට සම්පත් අතුකෝරළ මහතා එහි ගොස් ඇත.
එහිදී එක් පුද්ගලයකු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
