බාල ගල්අඟුරු සහ ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන රජයේ අමාත්‍යවරුන්ගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

බාල ගල්අඟුරු සහ ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන රජයේ අමාත්‍යවරුන්ගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

April 17, 2026   04:24 pm

අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වනවිට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙයි.

බාල ගල්අඟුරු සිද්ධිය, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එහිදී අදහස් දක්වනු ඇත.

ඒ සඳහා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍ය, ආචාර්ය උපාලි පන්නිලගේ, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් ඒ සඳහා එක්වී තිබේ.

එහි සජීවී දර්ශන ඉහත වීඩියෝවෙන් නරඹන්න..