header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩොලර් 286 ඉක්මවූ මිලට ඩීසල් මිලදී ගත් බව තෙල් සංස්ථාවේ සභාපති කියයි
Apr 17, 202601:16 PM
ඩොලර් 286 ඉක්මවූ මිලට ඩීසල් මිලදී ගත් බව තෙල් සංස්ථාවේ සභාපති කියයි
Mobitel 1278

මෙරටට ඉන්ධන ආනයනයේදී බොරතෙල් බැරලක් ඩොලර් 286ක මුදලකට මිලදී නොගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව අදහස් දක්වමින් මේ බව පැවසීය.

එහිදී ඒ මහතා පැවසුවේ කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවත් මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ පසු බොරතෙල් රැගත් නෞකාවක් පසුගිය මාර්තු මස 11 වැනි දින මෙරටට පැමිණි බවත් එහි මිල වූයේ බැරලයක් ඩොලර් 66.99ක් බවය.

ඉන් පසුව අද (17) දිනයේදී බොරතෙල් නැවක් දිවයිනට ළඟා වීමට නියමිත බවත් එහි මිල වන්නේ ඩොලර් 71.99ක් බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවත් පැවසූ සභාපතිවරයා මෙහිදී පැවසුවේ ඩීසල් මිලදී ගැනීමේදී 286 ඉක්මවූ මිලකට මිලදී ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවූ බවය.

මැදපෙරදිග ගැටුම් හමුවේ ඩීසල් මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගිය බවත් මේ හේතුවෙන් ඩීසල් මිලදී ගැනීමේදී ඩොලර් 288 සිට ඩොලර් 303 දක්වා මුදලකට මිලදී ගැනීමට සිදුවූ බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා,

"අපි බොරතෙල් බැරල් එකක් කිසිම අවස්ථාවක ඩොලර් 286ට අරන් නෑ. මේ අර්බුදය පටන් ගත්තාට පස්සේ අපිට තෙල් නැවක් ඇවිත් තියෙන්නේ 3 වෙනි මාසේ 11 වැනිදා මර්බන් කෘඩ් එකක් ඒකේ බැරල් එකක් වුණේ ඩොලර් 66.99 ඊට පස්සේ අද තමයි බොරතෙල් නැවක් එන්නේ ඒකේ ප්‍රයිස් එක වෙලා තියෙන්නේ බැරල් එකක් 71.99යි. එතකොට ඉතා පැහැදිලියි බොරතෙල් මිලදී ගැනීමක් ඔය කියන ගණන්වලට අරගෙන නෑ. මම හිතන්නේ මෙතන ගැටලුව මතුවෙලා තියෙන්නේ HSBC ප්‍රධාන විධායක නිලධාරීතුමා කරපු ප්‍රකාශයක්. එක්කෝ ඒක වරදවා තේරුම් අරගෙන මාධ්‍ය වැරදි විදිහට ඒක ප්‍රචාරය කරලා තියෙනවා නැත්නම් හිතාමතා ප්‍රචාරයක් කරලා තියෙනවා. අපි දැන් හොයලා බැලුවාම HSBC ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් දාලා තියෙනවා එතුමන්ලා කියලා නෑ බොරතෙල් කියලා. එතුමන්ලා කියන්නේ තෙල් මිලදී ගැනීමක් වෙලා තියෙනවා කියලා. ඒක හරි. ඒ නිසා මේ ප්‍රචාර කිරීමෙන් රටේ යම් කැළඹීමක් ඇතිවෙනවා...

ලෝක වෙළෙඳපොලේ ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා අපි ඒ ගත් ඒවා ගත්තොතින් ෆ්ලැට් ඇවරේජ් එක විතරක් අපි ඩීසල් ගත්ත ඒවා තියෙනවා වැඩිම ගාන 242කට ගිහිල්ලා. ප්‍රිමියම් අගයන් අපිට 50ට 48ට යන්න වුණා ඒකත් එක්ක මිල වැඩිවෙලා තියෙනවා. අපිට ඒ විදිහට තෙල් ගත්තේ නැත්නම් රටේ තෙල් සැපයුමක් නැතිව යනවා.

ඩීසල් අපිට වෙලා තියෙනවා 285.28ක් ඒ ඇවිල්ලා තුන්වැනි මාසේ 31 ආපු නැව. ඊට පස්සේ ආපහු 4 වැනි මාසේ 7 වැනිදා ආපු නැවක් තියෙනවා ඒකට වෙලා තියෙනවා 288. 06ක් සුපර් ඩීසල්වලට 303.77ක්"

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ