චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

April 16, 2026   05:18 pm

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවන චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එම කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ප්‍රකාරව අද (16) උදෑසන පිළියන්දල පොලිස් වසමේ මාම්පේ ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චන්දන කත්‍රිආරච්චිගේ නිවස පරික්ෂාවට ලක් කර ඇත.

එම පරීක්ෂා කිරීමේදී පහත සඳහන් අවි ආයුද හමුව ඇත.

ජීව අත්බෝම්බයක්
ටී 56 වර්ගයේ මැගසින් දෙකක්
ටී 56 ජීව පතරොම් 221 ක්
0.22 වර්ගයේ පතරොම් 103 ක්
84S වර්ගයේ ජීව පතරොම් 31 ක්
හිටපු මන්ත්‍රීවරයාට අයත් වගා ඉඩමක් සඳහා නිකුත් කර තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්

සැකකරු අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන පොලීසිය වැඩිදුරටත් පවසයි.