ඉරානයට අවි ලබානොදීමට චීනය එකඟවූ බව ට්‍රම්ප් කියයි

ඉරානයට අවි ලබානොදීමට චීනය එකඟවූ බව ට්‍රම්ප් කියයි

April 15, 2026   06:40 pm

චීනය, ඉරානයට කිසිදු අවියක් ලබානොදීමට එකඟත්වය පළ කර ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ‍ට්‍රම්ප් පවසයි.

ඔහු සිය ටෘත් සෝෂල්හි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

“තමා ස්ථිර වශයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම ගැන චීනය සතුටින්...” යනුවෙන්ද ට්‍රම්ප් අදාළ සටහනේ සඳහන් කර තිබේ. 

මේ අතර, ට්‍රම්ප් මීට පෙර සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවකදී, චීන ජනාධිපති ෂී ජින්පිං ඉරානයට අවි යවන බවට වූ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන් කර තිබුණි. 

එසේම චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයෙක් පවසා ඇත්තේ, තම රට ඉරානයට කිසිදු හමුදා සහයෝගයක් ලබා නොදෙන බවය. 

එහෙත් අමෙරිකානු රජය පවසන්නේ, චීනය ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහනට සහාය ලබාදී ඇති අතර, මිසයිල නිෂ්පාදනයට සිය සහාය ලබාදී ඇති බවය.