රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
April 14, 2026 11:39 am
කළුතර, බණ්ඩාරගම ප්රදේශයේ යතුරුපැදියක් ත්රිරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොන්තුඩුව පොලීසිය සඳහන් කළේ, මිය ගිය පුද්ගලයා කුඩාවස්කඩුව ප්රදේශයේ පදිංචි අයෙක් බවය.
මෙම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ත්රීරෝද රථය කළුතර බණ්ඩාරගම මාර්ගයෙන් නාගොඩ ප්රදේශයේ බණ්ඩාරගම දෙසට මුහුණලා සිට එකවරම ( යුටර්න්) දකුණට හැරවීමේදී කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට ගමන් ගත් යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් ගෝනදුව ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් අනතුරව වැඩිදුර ප්රතිකර සඳහා කළුතර නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව මෙම තරුණයා මියගොස් තිබේ.
ත්රීරෝද රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොරන්තුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
