පාකිස්තාන යුද නෞකා දෙකක් කොළඹ වරායට 

පාකිස්තාන යුද නෞකා දෙකක් කොළඹ වරායට 

April 12, 2026   08:49 pm

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (12) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබේ.

ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. 

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් නයිමට් සයීද් ඛාන් කටයුතු කරයි.

‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් නදීර් මටීන් අෆ්රිඩි  කටයුතු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.
  
තවද, එම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක නිරත වීමටද නියමිතව ඇත.