
ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 23ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තේය.
එම ඉනිම වෙනුවෙන් සංජු සැම්සන් නොදැවී ලකුණු 115ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමට නියමිත පන්දු 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 189ක් පමණයි.
දිල්ලි ඉනිම වෙනුවෙන් ට්‍රිස්ටන් ස්ටර්බ්ස් ලකුණු 60ක් සහ පැතුම් නිස්සංක ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය.























