දින 7ක් තුළ රිය අනතුරු මරණ 49ක්
April 12, 2026 07:27 am
අප්‍රේල් 04 වනදා සිට 10 වනදා දක්වා වූ පසුගිය සතිය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 49දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කළේ එම අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීමෙන් බවය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
අනතුරුදායක ලෙස රථවාහන ධාවනය කරන රියදුරන් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද බිමල් රත්නායක අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
