ඉරාන - අමෙරිකා සාම සාකච්ඡාවේ නවතම තොරතුරු
April 11, 2026 10:51 pm
10. 50 PM - ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා විශේෂඥ මට්ටමේ අදියරකට පිවිස ඇති බවත් එහිදී ආර්ථිකය, මිලිටරි, නීතිමය සහ න්‍යෂ්ටික ගැටළු පිළිබඳ විශේෂඥ කමිටු එකිනෙකා හමුවන බවත් ඉරාන රජය X සටහනක් තබා තිබේ.
-------------------------------
10. 47 PM - එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පාකිස්තානු වේලාවෙන් රාත්‍රිය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ඉරිදා දිනය දක්වාම පැවැතිය හැකි බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
-------------------------------
ඉරානය සහ අමෙරිකාව අතර සෘජු සාම සාකච්චා මේ වන විට පාකිස්තානයේදී ආරම්භ වී තිබේ.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සෙරීනා හෝටලේදී මෙම සාකච්ඡා ආරම්භ වී ඇත.
සාකච්ඡාව සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක්ද, ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක් ද එක්ව තිබුණි.
මෙම සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස පාකිස්තානය කටයුතු කෙරේ.
