ඉරාන - අමෙරිකා සාකච්ඡා පාකිස්තානයේදී ඇරඹේ

ඉරාන - අමෙරිකා සාකච්ඡා පාකිස්තානයේදී ඇරඹේ

April 11, 2026   07:08 pm

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සෘජු සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම සාකච්ඡා සඳහා ඉරානය, අමෙරිකාව සහ පාකිස්තානයද එක්ව සිටියි.

සාකච්ඡා ආරම්භ වීමට පෙර පාකිස්තාන මැදිහත්කරුවන් හරහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා ආරම්භ වී තිබුණු අතර මේ වන විට ඔවුන් අතර සෘජු සාකච්ඡා ආරම්භ වී තිබේ.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලයේ ජින්නා සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සාකච්ඡා පැවැත්වේ.

සාකච්ඡාව සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක්ද, ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක් ද එක්වෙති. 

සාම සාකච්ඡා හේතුවෙන්  ආරක්ෂාව දැඩිකර තිබූ අතර ඉස්ලාමාබාද් නුවරට පිවිසෙන පුද්ගලයින් හා රථ වාහන ද අද (11) දැඩි පරීක්ෂාවට ලක් කෙරුණා.

1979 වසරෙන් පසු එනම් වසර 47 කට පසු අමෙරිකාව හා ඉරානය එක්ව සිදුකරන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඍජු සාකච්ඡාව මෙය වීමත් විශේෂත්වයකි.