ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
April 11, 2026 12:35 pm
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල අද (11) සවස 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද (11) ප.ව. 12ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව කද සුළං ඇති විය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
