header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - අමාත්‍ය ආනන්ද විජේපාල
Apr 09, 202603:28 PM
පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - අමාත්‍ය ආනන්ද විජේපාල
Mobitel 1278

2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

"පාස්කු ඉරුදින ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගතව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා. ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රියාත්මක කරලා මේ සිද්ධිය දක්වා ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමා දැනට විමර්ශනවලින් අනාවරණය වෙන්නේ.

2018.11.30 දින වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය. 2017.12. 22, 23 දින මාවනැල්ල බුදු පිළිමවලට එල්ල වූ ප්‍රහාරය 2019.01.16 දින වනාතවිල්ලුව ප්‍රහසිගත කඳවුරක තිබී සොයාගන්නා ලද ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම. 2019.03.10 දින මාවනැල්ල ප්‍රදේශයේ තස්ලීම් නැමැති පුද්ගලයාට වෙඩිතැබීම. 2019.04.16 දින මඩකලපුව කාත්තන්කුඩි පාලමුන ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරුවා හැරීම 2019.04.21 දින පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ එක ම කණ්ඩායමක එකිනෙකා හා දාමගත වූ සිදුවීම් සිදුවීම් මාලාවක් බව මේක කරනකොට සහ විමර්ශන අංශයෙන් පැහැදිලි වෙනවා."

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් හේතුව

පාස්කු ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

"පාස්තු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අනුව මේ වෙනකොට තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. හැබැයි මීට පෙරාතුව මොහු පාස්කු ඉරුදින ප්‍රහාරයේ නඩු විභායේ ශාක්ෂි ලැයිතුවේ පළමු ශාක්ෂිකරු විදිහට නම් කරලා තියෙනවා. 2024.10.11 කරන ලද පැමිණිල්ලකට අනුව මේ වනකොට අදාළ සැකකරු අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණයේ නුඩු දෙකක් ගොනු කරලා තියෙනවා. යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති විශ්‍රාමික මෙජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ප්‍රහාරයට පෙරාතුව ඉස්ලාම් අන්තවාදීන්ගේ සාහසික ක්‍රියා පිළිබඳව දැන සිටිමින් ඒවා වැළැක්වීමට හා හෙළිදරව්වීම ඕනෑකමින් වළක්වා ඇති බවත් පාස්කු ප්‍රහාරය සිදුවීමට අවකාශය සලසා ඇති බවටත් පාස්කු ප්‍රහාරයෙන් පසු මෙහෙයවූ පුද්ගලයින් පාර්ශව කණ්ඩායම් හෙළිදරව්වීම වැළැක්වීමට සෘජුව හා වක‍්‍රකාරව කටයුතු කර ඇති බවටත් ඒ අනුව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය හා ආධාර අනුබලදීමට කටයුතු කර ඇති බැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකමට සම්බන්ධ වූ හෝ ප්‍රවේදීතාවක් දක්වන්නේ යැයි සාධාරණ යුක්ති සහගතව සැකකරුනු ලැබීමට අදාළව කරුණු වාර්තාවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ඇරගෙන තියෙනවා."

පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් භාවයකින් ඉදලා

ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවටද කරුණු හෙළිවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

" හිටපු අමාත්‍යවරයෙකු වන ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාය පිළිබඳව පුර්ව දැනුවත් භාවයකින් හිටපු බවට මේ වෙනකොට කරුණ අනාවරණය වෙලා තියෙනවා. ඒ විමර්ශනත් නිවැරදිව සිදුවෙනවා."

සහරාන්ට ඉහළින් සිට ඔහුව මෙහෙයවූ පුද්ගලයෙක් සහ කණ්ඩායමක් සිටින බවට සාක්ෂි

"පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක කණ්ඩායමේ නායක ලෙසින් කටයුතුකළ සහරාන් හෂිම්ට ඉහළින් සිට ඔහුව මෙහෙය වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට ශාක්ෂිවලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒ පිළිබඳ විමර්ශනට කරනවා. ඒ සම්බන්ධයෙන් හෙළිවී ඇති කරණු මේ අවස්ථාවේදී හෙළිකරන් හැකියාවක් නැහැ."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana