header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නුවන් තුෂාරගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විරුද්ධ වෙයි
Apr 09, 202602:13 PM
නුවන් තුෂාරගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විරුද්ධ වෙයි
Mobitel 1278

2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත "විරෝධතා නොමැති බව" සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා විසින් ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම් දුනි.

මෙම පැමිණිල්ල අද (09) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් මහතා සමග පෙනී සිටි නීතිඥ කාංචන පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ අතුරු ඉල්ලීම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව වග උත්තරකරුවන්ගේ විරෝධතා ගොනු කිරීම සඳහා මෙම පැමිණිල්ල අප්‍රේල් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද , ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නම් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පැමිණිල්ල තුළින් පැමිණිලිකරු කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී ඇති බවත් එම ගිවිසුම පසුගිය මාර්තු මස 31 වන දා කල් ඉකුත් වීමට නියමිත බවය.

තමන් මීට පෙර ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග වලට සහභාගි වී ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සමඟ ගැටුමක් ඇති නොවන ආකාරයට එම තරගවලට සහභාගී වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

2024 සහ 2025 වසර වල තමන් "රොයල් චැලෙන්ජස්" කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වී ඇති බවත් පැමිණිලිකරු සඳහන් කරයි.

එම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමන්ට 2024 සහ 2025 වසරවල "විරෝධතාවයක් නොමැති බව" දැක්වෙන සහතිකය නිකුත් කළ බව සඳහන් කළ පැමිණිකරු එවැනි සහතිකයක් නොමැතිව තමන්ට අදාළ තරගාවලියට සහභාගි විය නොහැකි බවත් පෙන්වා දුනි.

එහෙත් 2026 වසරේ පැවැත්වීමට නියමිත එම තරගාවලියට සහභාගි වීම සඳහා විරෝධතා නොමැති බව සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළත් එම ඉල්ලීම ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ බවයි පැමිණිලිකරු චෝදනා කරයි.

එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සතුටුදායක ලෙස සමත් නොවීම හේතුවෙන් මෙම අවස්ථාවේදී විරෝධතා නොමැති බව සඳහන් සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කරුවන්ගේ නිර්දේශ හා ස්ථාවරය මත ප්‍රතික්ෂේප කර ඇති බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යෝග්‍යතා තක්සේරුව සමත් වීමට අපොහොසත් වූ බව සඳහන් කරුණු ප්‍රතික්ෂේප කරන බව කී පැමිණිලිකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ තමන් ඇති කරගෙන තිබෙන ගිවිසුම ඉකුත් මාර්තු 31 වන දින කල් ඉකුත් වීමට නියමිත බවත් පැවසීය.

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම නතර කිරීමට පැමිණිලිකරු අදහස් කළ බව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග තවදුරටත් ගිවිසුමකට එළඹෙන්නේ නැති බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය යටතේ අදාළ සහතිකය නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු සාධාරණ නීතිමය පදනමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තමන් ඇති කරගෙන තිබෙන ගිවිසුම කල් ඉකුත් වී තිබියදී මේ ආකාරයෙන් අදාල සහතිකය නිකුත් නොකිරීම නීති විරෝධී බවත් පැමිණිකරු චෝදනා කළේය.

ඒ අනුව 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගිවීම සඳහා හැකිවන පරිදි විරෝධතාවක් නොමැති බව සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනිවාර්ය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ