වසර හතරක් තුළ විවිධ අර්බුද හමුවේ ආයතන ලක්ෂ දෙකකට වැඩි ගණනක් වහලා

වසර හතරක් තුළ විවිධ අර්බුද හමුවේ ආයතන ලක්ෂ දෙකකට වැඩි ගණනක් වහලා

April 9, 2026   11:57 am

2018 සිට 2022 දක්වා කාලය තුළ විවිධ හේතූ මත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ වශයෙන් ආර්ථික කටයුතු කරනු ලබන ව්‍යාපාර ඇතුළත් ආයතන ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි. 

එහිදී ආර්ථික අර්බුදය හමුවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන එක්ලක්ෂ අට දහසක් වසා ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

සෙසු හේතූන් මත තවත් ආයතන එක්ලක්ෂ පනස්පන්දහක් වසා ඇති බව අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

"ආයතන ලැයිස්තුව සකස් කරන්නේ, අවුරුදු 10කට සැරයක්. අවසන් සංගණනය සිදු කරලා තියෙන්නේ 2013 වසරේදී. කෙසේ වුණත්, 2018-2022 කාලයේදී ජන ලේඛනය හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයට අදාළව සමස්ථයක් වශයෙන් ආයතන මිලියන 1.3ක් තියෙනවා. දැනට ක්‍රියාත්මකව පවතිනවා දස ලක්ෂ තිස්හත්දහසක්. ආර්ථික අර්බුදය නිසා වසා දැමුණ සංඛ්‍යාව එක්ලක්ෂ අට දහයි. ආර්ථික අර්බුදයට අමතරව වෙනත් හේතු නිසා වසා දැමුණ සංඛ්‍යාව එක්ලක්ෂ පනස්පන්දහයි."