සිංහරාජයට පිවිසෙන කුඩව පිවිසුම හෙට සිට දින 6ක් වසා තැබේ
April 9, 2026 11:07 am
ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම හෙට 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දින හයක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්යාලය පවසයි.
නව අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස දින හයක් සිංහරාජය වනාන්තරය වසා තැබෙන බව දැනුම් දී තිබේ.
16 වනදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සඳහා වනාන්තරයේ ප්‍රධාන පිවිසුම යළි විවෘත කෙරෙන බව සිංහරාජය වන පාලක එස්. ඩි නිමල් මහතා පැවසිය.
එබැවින් ඉහත සඳහන් දිනවලදී සිංහරාජය වනාන්තරය නැරඹීමට කුඩව පිවිසුමෙන් පැමිණීමට සංචාරකයන්ට නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.
