ඊශ්‍රායලය ලෙබනනයට එල්ලකළ ප්‍රහාරයකින් 254ක් මරුට

ඊශ්‍රායලය ලෙබනනයට එල්ලකළ ප්‍රහාරයකින් 254ක් මරුට

April 8, 2026   11:07 pm

ඊශ්‍රායලය විසින් ලෙබනය පුරා එල්ලකළ ප්‍රහාර මාලාවකින්  පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඊශ්‍රායලය ලෙබනනයට එරෙහි ‍මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව අද (8) එරටට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර ඇති බවය.

එය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයට එල්ලකළ විශාලතම ප්‍රහාරය විය.

ලෙබනනයේ අගනුවර වන බේරූට් ඇතුළු ප්‍රදේශ කිහිපයකටම මෙම ප්‍රහාර එල්ල කර ඇත.

එම ප්‍රහාරයත් සමග කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

ලෙබනනයට එල්ලකළ මෙම  ඊශ්‍රායල ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දැක තිබේ.