header logo
SLIC
සයුරෙන් එතෙර
ඉරානය හෝමූස් යළි වසා දමයි
Apr 08, 202609:27 PM
ඉරානය හෝමූස් යළි වසා දමයි
EDEX

ඉරානය සහ අමෙරිකාව ඇතිකරගත් සටන් විරාමය මධ්‍යයේ ඉරානය අද (8) පස්රුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදමා තිබේ.

දෙපාර්ශ්වය සටන් විරාමය ඇතිකරගැනීමත් සමග ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට පියවරගෙන තිබුණි.

කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් හෝමූස් හරහා ගමන්ගන්නා නෞකාවලට මෙම තහනම පැනවූ බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව නෞකාවලට හෝමූස් හරහා යාත්‍රා කිරීම තහනම් බවත්, අවසරයකින් තොරව ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් විනාශ කරන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පර්සියානු බොක්කේ නවතා ඇති නෞකාවලට දැඩි ලෙස අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රමුඛ පෙළේ නැව් තැරැව්කාර සමාගමක් වන 'SSY' ආයතනයද මේ බව තහවුරු කර තිබේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පර්සියානු බොක්කේ යාත්‍රා කරන නෞකා වෙත රේඩියෝ පණිවුඩ මගින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්ය.

ඉරානය සහ අමෙරිකාව අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්වලට ගමන් කිරීමට ඉඩ ලබා දීමය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුබද්ධ Fars පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, අද (8) උදෑසන ඉරානයේ අවසරය ඇතිව තෙල් නැව් දෙකක් ගමන් කළද, ඉන් අනතුරුව එම මාර්ගයේ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවය.

ඊශ්‍රායලය විසින් ලෙබනයට එරෙහිව ‍මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව අද දැවැන්ත ප්‍රහාරයක් එල්ලකළ අතර, එය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයට එල්ලකළ විශාලතම ප්‍රහාරය විය.

මෙම ප්‍රහාරයෙන් මේ වන විට ලෙබනනයේ පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

එම ප්‍රහාරයත් සමග මේ වනවිට කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට