අවුරුදු ක්‍රීඩා පැවැත්වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්
April 8, 2026 03:53 pm
උත්සව සමයේ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බෝ නොවන රෝග ඒකකය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබේ.
කොට්ට පොර ගැසීම, කනා මුට්ටි බිඳීම, ගම හරහා දිවීම, පා පැදි තරග, පිහිනුම් තරග, ඔරු පැදීමේ තරග, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම, ලිස්සන ගහේ නැගීම, කඹ ඇදීම, ගෝනී පැනීම යනාදී තරගවලට සුවිශේෂී අවදානයක් යොමුකරමින් මෙම මාර්ගෝපදේශ නිකුත්කර ඇත.
මෙම ක්‍රීඩාවන්හි තරගකාරිත්වයේ උද්වේගයට අමතරව අනතුරු සිදුවීමේ සහ බරපතළ වෛද්‍යමය තත්ත්වයන් උද්ගතවීමේ හැකියාවක් පවතින බැවින්, සහභාගි වන්නන්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්පන්නභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම මාර්ගෝපදේශ නිකුත්කර තිබේ.
අවුරුදු ක්‍රීඩා පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත්කළ මාර්ගෝපදේශ මාලාව
