බලය අනිසි ලෙස භාවිතයට අවසර දිය නොහැකියි - චීනය ආරක්ෂක මණ්ඩලයේ දී අවධාරණය කරයි
April 8, 2026 09:43 am
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග, ගැටුම් අවම කිරීම සහ සමනය කිරීම කෙරෙහි යොමු විය යුතු අතර අනවසර හමුදා ක්‍රියාමාර්ග කිසිවිටක නීත්‍යනුකූල නොකළ යුතු බව චීනය යළි අවධාරණය කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණඩලයේ ඊයේ (07) පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමින් චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසීය.
ආරක්ෂක මණ්ඩලයට බලය අනිසි ලෙස භාවිත කිරීමට අවසර ලබා දිය නොහැකි අතර, ගැටුම් උත්සන්න වීමට තුඩු දෙන පරිදි ආතතීන් තවදුරටත් උත්සන්න කිරීමට ද ඉඩ දිය නොහැකි බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත එදින ඉදිරිපත් කෙරුණු හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කෙටුම්පත් යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර, පාකිස්ථානය සහ කොලොම්බියාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.
එමෙන්ම ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් ලෙස චීනය සහ රුසියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් කෙටුම්පත් යෝජනාව සම්මත නොවිණ.
