header logo
SLIC
ක්‍රීඩා
BCB නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ
Apr 07, 202608:39 PM
BCB නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ
EDEX

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ (BCB) නව සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක තමිම් ඉක්බාල් පත් කර තිබේ.

බංග්ලාදේශ රජය විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

අමිනුල් ඉස්ලාම්ගේ සභාපතිත්වයෙන් යුත් පැවති විධායක කමිටුව විසුරුවා හැරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

37 හැවිරිදි තමිම් ඉක්බාල් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මෙතෙක් පත් වූ ලාබාලතම සභාපතිවරයා වේ.

ඔහු සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවකට නායකත්වය දෙනු ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති බංග්ලාදේශ ක්‍රිකට් නිලවරණයේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සෙවීමට පත් කළ පස් දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගෙන ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට