මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

April 7, 2026   05:38 am

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (07) දින 39ක් ගත්වී තිබේ.

---------------------------

Update - 07.10AM

ලෙබනනයේ දශලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ලෙබනනයේ අවතැන් වූවන් ලෙස ලියාපදිංචි වී ඇති පිරිමින්, කාන්තාවන් සහ ළමුන් සංඛ්‍යාව මේ වන විට දශලක්ෂය ඉක්මවා ගොස් ඇති බවය. 

මෙය එරට සමස්ත ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් වන බවද සඳහන්.

එම පිරිසෙන් 137,000ක් පමණ සහන කඳවුරුවල ජීවත් වන බවත් වාර්තා වේ.

--------------------------

Update - 06.30AM

ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවය.

ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.