'GMOA' ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති දින දෙයි
April 5, 2026 10:29 pm
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර තිබෙන වර්ජනයේ ගැටලු ගැන අවධානය යොමුකරමින් එළැඹෙන බ්‍රහස්පතින්දා (9) ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගීවීමට තමන් හෙට (6) ඉන්දියාව බලා පිටත්ව යන බවත්, යළි පැමිණීමෙන් පසු අදාළ සාකච්ඡාව ලබාදීමට බලාපොරොත්තුවන බව බවත් හෙතෙම පැවසීය.
