විහඟගේ ජීවිතය බිලිගත් ඇමතුම
April 5, 2026 03:53 pm
පොළොන්නරුව - මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 41 කණුව ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අදාළ තරුණයා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
පැදිකරු සමග තවත් පුද්ගලයෙක් යතුරුපැදියේ ගමන් කර ඇති අතර මෙම අනතුරින් ඔහුට තුවාල සිදුව නොමැති බවද සඳහන්.
අදාළ තරුණයා යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී පැමිණි දුරකතන ඇමතුමකට පිළිතුරු දීම සඳහා ජංගම දුරකතනය ගැනීමට යාමේදී යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක වැදී ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ පල්ලේගම සිරිපුර පදිංචි විහඟ පාලිත ජයලත් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.
දෙහිඅත්තකන්ඩිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
