header logo
SLIC
ක්‍රීඩා
63 වන සහෝදරයන්ගේ සටනේ ජය තර්ස්ටන් විද්‍යාලයට
Apr 05, 202603:23 PM
63 වන සහෝදරයන්ගේ සටනේ ජය තර්ස්ටන් විද්‍යාලයට
EDEX

කොළඹ ඉසිපතන විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 8කින් පරාජය කර 63 වන 'සහෝදරයන්ගේ සටන' මහා ක්‍රිකට් තරගය ජයගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අද (5) සමත්විය.

මෙම තරගය තෙදිනක් (3,4,5) පුරා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 159/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 276/10ක් රැස්කළේය.

ඉන් අනතුරුව ලකුණු 117ක් පසුපසින් යළි දෙවන ඉනිම ඇරඹූ ඉසිපතන විද්‍යාලයට එවර රැස්කිරීමට හැකිවූයේ ලකුණු 109/10ක් පමණි.

ඒ හේතුවෙන් තර්ස්ටන් විද්‍යාලයට මෙවරද දෙවිදුහල්හි වාර්ෂික ක්‍රිකට් තරගය ජයගැනීමට හැකිවිය.

'බ්ලැක්හැම් විජේවර්ධන' අනුස්මරණ කුසලානය වෙනුවෙන් 1964 වසරේ දී ආරම්භ වූ මෙම තරග ඉතිහාසයේ, තර්ස්ටන් විද්‍යාලය අද ලැබූ ජයත් සමග ඔවුන් තරග 8ක පූර්ණ ජයග්‍රහණ වාර්තාකර ඇත.

කෙසේ නමුත් ඉසිපතන විද්‍යාලයට ජයගැනීමට හැකිව ඇත්තේ තරග 4ක් පමණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට