රටම එකට දෛනික මෙහෙයුමෙන් පුද්ගලයින් 906ක් අත්අඩංගුවට

රටම එකට දෛනික මෙහෙයුමෙන් පුද්ගලයින් 906ක් අත්අඩංගුවට

April 5, 2026   12:29 pm

රටම එකට දෛනික සෝදිසි මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (04) දිනයේදි සිදුකළ මෙහෙයුම් මගින් පුද්ගලයින් 906ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ මෙහිදී පුද්ගලයින් 12 දෙනෙකු සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන යටතේ විමර්ශන ද ආරම්භ කළ බවය.

තවද රැඳවුම් නියෝග ලබාගත් සැකකරුන් 15ක්ද මෙහිදී සිටින බව පොලීසිය සඳහන් කළේය.

එම සම්පූර්ණ වාර්තාව පහතින්,

Media on 2026.04.05 පැය 0940 රටම එකට දෛනික වාර්තාව by poornima

මේ අතර පොලීසිය විසින් ආරම්භ කර ඇති අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ දිනයේදීම සිදුකළ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 592ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ සෝදිසි මෙහෙයුමේදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 04ක්ද හඳුනාගත් බවය.

වරෙන්තුකරුවන් 229ක්ද, විවෘත වරෙන්තුකරුවන් 121ක්ද මෙම සෝදිසි මෙහෙයුම යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර බීමත් රියදුරන් 142ක්ද අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් යටතේ තවත් පුද්ගලයින් 77 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,486කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලීසිය පියවර ගෙන ඇත.

එම සම්පූර්ණ වාර්තාව පහතින්, 

Media on 2026.04.05 පැය 0945 විශේෂ මෙහෙයුම් වාර්තාව by poornima