ලක්ෂ 36කට අධික විදෙස් දුම්වැටි සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
April 5, 2026 12:03 pm
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි සහ 24 හැවිරිදි වියේ පසුවන චීන ජාතිකයින් දෙදෙනෙකි.
මොවුන් අද (05) අලුයම 01.10ට චීනයේ කුංමිං නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් රැගෙන ආ ගමන් මළු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 24,200 අඩංගු දුම්වැටි කාටූන් 121ක් තිබියදී නිලධාරීන් භාරයට ගෙන තිබේ.
නිලධාරීන් භාරයට ගත් එම දුම්වැටි ප්රමාණයේ වටිනාකම රුපියල් තිස් හය ලක්ෂ තිස් දහසක් පමණ වන බවද සඳහන් වේ.
අදාළ චීන ජාතිකයින් දෙදෙනා මේ වන විට ගුවන් තොටුපොළ රේගු නිලධාරී අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරති.
