කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවෙක් අතුරුදන්
April 4, 2026 10:01 pm
කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවෙකු අතුරුදන්ව තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.වාගීෂන් නමැති සිසුවෙකි.
මෙම සිසුවා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ අද (04) පස්වරුවේ නෝර්වුඩ් කෙසෙල්ගමු ඔයේ සිල්වර් වලේ පැන දිය නාමින් සිටියදී එහි ගිලී අතුරුදහන්වී ඇත.
අතුරුදහන් වූ සිසුවා ගොඩ ගැනීමට මිතුරන් උත්සහ කර ඇති අතර ඔහු දියේ ගිලුණ ස්ථානය අධික ගැඹුරු ස්ථානයක් බැවින් ඔවුන්ගේ උත්සාහය අසාර්ථකවී තිබේ.
ඉන් අනතුරුව එම සිසුන් විසින් මේ බව නෝර්වුඩ් පොලීසියට දන්වන ලදී.
ඒ අනුව නෝර්වුඩ් පොලීසිය විසින් අතුරුදන් සිසුවා ගොඩගැනීමට මෙහෙයුමක් දියත් කර ඇත.
