වසර 15කට පසු ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති රග්බි ශූරතාව දිනයි
April 4, 2026 06:21 pm
2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම අද (04) සමත්විය.
ඒ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය ලකුණු 58 - 26ක් ලෙසින් කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායම පරාජයට පත් කරමිනි.
2011 වසරෙන් පසු ත්‍රිත්ව කණ්ඩායම ජනාධිපති කුසලානය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
