කන්දකාඩුවලින් රැඳවියන් 4ක් පළායයි

කන්දකාඩුවලින් රැඳවියන් 4ක් පළායයි

April 3, 2026   04:52 pm

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනෙකු පළාගොස් තිබේ.

අද (03) දහවල් කාලයේ දී එම රැඳවියන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.

පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අදාළ රැඳවියන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළා යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.