පිල්ලෙයාන් රිමාන්ඩ්

පිල්ලෙයාන් රිමාන්ඩ්

April 2, 2026   04:32 pm

රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (2) නියෝග කළේය.

2006 වසරේ දී නැගෙනහිර පළාතේ උපකුලපතිවරයෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් මෙලෙස ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.