රිකාටන් රක්ෂිතයට ගිනිතැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට
April 2, 2026 02:45 pm
හැටන්හි රිකාටන් වනවගා රක්ෂිතයට ගිනිතැබූ සැකකරුවෙකු හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (1) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්රාත් පීටර් පෝල් මහතා වෙත අද (2) ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇත.
ඒ අනුව සැකකරුට දඩ මුදල් සහ රක්ෂිතයට ගිනි තැබීම වෙනුවෙන් සිදුවු අලාභය වෙනුවෙන් රු. 91,100ක මුදලක් ගෙවන ලෙසට මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
සැකකරු නල්ලතන්නි - ශ්රී පාද මාර්ගයේ රිකාටන් රක්ෂිතයට ගිනිතැබීම හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර 5ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත.
එම ගින්න හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින්, මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සහ නල්ලතන්නි පොලීසියේ නිලධාරින් එක්ව පාලනය කිරිමට සමත් විය.
