පැය 4ක මෙහෙයුමකින් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට
April 2, 2026 11:27 am
ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ බඩෝවිට 1,2,3 යන අදියර ආවරණය වන පරිදි ගල්කිස්ස කොට්ඨාශ, අපරාධ විමර්ශන කාර්යංශය ,නාවික හමුදාව, පොලිස් නිල සුනඛයන් යොදවා ඊයේ (01) සිදුකළ පැය 4ක පමණ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී හෙරොයින් මිලි ග්‍රෑම් 2830ක්, අයිස් මිලි ග්‍රෑම් 3890ක්, ගංජා මිලි ග්‍රෑම් 6000ක්, මත් කරල් 10ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අතර අත්අඩංගුවටපත් පුද්ගලයින් 14 දෙනා අතර වරෙන්තුකරුවන් 9 දෙනෙකුද ඇතුළත් බව සඳහන් වෙයි.
සංවිධානාත්මක අපරාධකරුවන්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, වරෙන්තුකරුවන් සහ පිටස්තර ප්‍රදේශවලින් එම ප්‍රදේශයට පැමිණ රැඳී සිටින පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහාත්, මෙම ප්‍රදේශයේ සිදු වී ඇති වෙඩි තැබීම් නිසාත් එම විශේෂ මෙහෙයුම දියත් කළ බව පොලීසිය පැවසීය.
බඩෝවිට පොලිස් ස්ථානය සහ ගල්කිස්ස පොලිස් ස්ථානය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර ඇති බව සඳහන් වෙයි.
