වාහන ජාවාරමේ යෙදුණු කල්ලියක් මාට්ටු

වාහන ජාවාරමේ යෙදුණු කල්ලියක් මාට්ටු

April 2, 2026   08:48 am

ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ව්‍යාජ ලිපි ලේඛන සකස්කර රථවාහන ජාවාරමේ යෙදුන සැකකරුවෙකු සම්බන්ධයෙන් එම කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මීගහවත්ත හා කඳාන පොලිස් වසම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ඔවුන් සතුව තිබී මෝටර් රථ 03ක්, ජීප් රථ 02ක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 21, 39 හා 44 වියේ පසුවන කඳාන හා මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.