ලෝකයේම අවදානය දිනා ගනිමින් Artemis II සාර්ථකව ගමන් අරඹයි

ලෝකයේම අවදානය දිනා ගනිමින් Artemis II සාර්ථකව ගමන් අරඹයි

April 2, 2026   05:54 am

වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) අලුයම 4.00ට පමණ මෙම යානය සිය මෙහෙයුම් කටයුතු ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.

දින 10ක ගවේෂණ චාරිකාවක් වන මෙහිදි සඳ මත ගොඩබැසීමක් හෝ කක්ෂගත වීමක් නොවන බව වාර්තා වේ. 

මිනිසා සඳ මත පා තැබීමෙන් අනතුරුව සඳ ආසන්නයට මිනිසුන් ගමන් කරන පළමු අවස්ථාව මෙය වේ.

චන්ද්‍රයා මත මිනිස් ජනාවාසයක් ඇති කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා සඳහන් කළේය.