ඉරානයට සිදුවූ හානියට වන්දි ගෙවන තෙක් යුද්ධය අඛණ්ඩව ගෙනි යනවා - ඉරානය

ඉරානයට සිදුවූ හානියට වන්දි ගෙවන තෙක් යුද්ධය අඛණ්ඩව ගෙනි යනවා - ඉරානය

April 1, 2026   09:08 pm

ඉරානය විසින් කිසිදු සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි  ප්‍රකාශ කර තිබේ.

ඉරානයේ 'IRIB' පුවත් ඒජන්සිය වාර්තා කර ඇති පරිදි, ඉරානය විසින් කරුණු පහකින් යුත් සටන් විරාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවට පැතිර යන පුවත් හුදෙක් මාධ්‍ය වල පලවන දෑ පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ "ආක්‍රමණිකයාට දඬුවම් පමුණුවන තෙක් සහ ඉරානයට සිදුවූ හානි සඳහා පූර්ණ වන්දි ගෙවන තෙක්" මෙම යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.