රජය වී මිලදී ගත් ප්‍රමාණය ඇමති නලින්ද හෙළි කරයි
March 31, 2026 03:34 pm
මේ වන විට ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 61,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට 61,449ක් මිලදී ගෙන ඇතැයිද එහි වටිනාකම රුපියල් මිලියන 7,383ක් වන බවය.
මේ යටතේ නාඩු සුදු මෙට්‍රික් ටොන් 17,690, නාඩු රතු මෙට්‍රික් ටොන් 43,836ක් සම්බා සුදු කිලෝ 160,000ක් සම්බා රතු 756,000, කීරි සම්බා කිලෝ 6276ක් ලෙස රජය විසින් වී මිලදී ගෙන ඇති බවය.
එමෙන්ම පොහොර නිකුත් කිරීමේදී මේ වන විට රජයේ පොහොර සමාගම් මෙන්ම පෞද්ගලික පොහොර සමාගම් 18ක් මේ වන විට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් විසින් වගා කරන ප්‍රමාණයන් අනුව පොහොර නිකුත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
