රිය අනතුරකින් මෙහෙණින් වහන්සේලා තුන්නමකට අසාධ්‍යයි
March 31, 2026 10:56 am
සූරියවැව, නුගේකන්ද ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක්, ලොරි රථ දෙකක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මෙහෙණින් වහන්සේලා තුන් නමක් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අදාළ ත්‍රීරෝද රථය අතුරු මාර්ගයේ සිට පැමිණ, එක්වරම ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමට යාමේදී, එහි ගමන්කළ ලොරි රථයක ගැටී ඇති අතර පසුව මාර්ගයෙහි නතර කර තිබූ තවත් කුඩා ලොරි රථයක ද ගැටී ඇත.
පොලීසිය සඳහන් කර සිටියේ ත්‍රීවීල් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවය.
කෙසේ වෙතත් මෙම අනතුරින් ත්‍රීවිල් රථයේ රියදුරා ද බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
