බ්‍රිතාන්‍යයේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළට
March 30, 2026 09:55 pm
ඉරාන යුද ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එහි බලපෑම එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසකට දැඩිව බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍යයේ ඩීසල් මිල 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඉහළම අගයට පැමිණ ඇති අතර, පෙට්‍රල් මිල ද මාස 28 කින් පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කර ඇති බව සඳහන් වේ.
මේ වන විට පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල පැන්ස 152 ක් වන අතර ඩීසල් ලීටරයක් පැන්ස 181.2 කි.
බ්‍රිතාන්‍යයේ Royal Automobile Club ආයතනයට අනුව, ඉරාන ගැටුම ආරම්භ වීමට පෙර පැවැති මිලට සාපේක්ෂව සාමාන්‍ය පවුලකට මෝටර් රථයකට පෙට්‍රල් පිරවීමේදී දැන් පවුම් 10.55 ක අතිරේක මුදලක් වැය වේ.
ඩීසල් රථ සඳහා එම අගය පවුම් 21.35 ක් ලෙස දැක්වේ.
ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා විවිධ රටවල් මේ වන විට පියවර ගනිමින් සිටියි.
