යුද්ධය හමුවේ ඉන්දියානුවන්ට උදව් කළ ගල්ෆ් රටවලට මෝදිගෙන් තුති

යුද්ධය හමුවේ ඉන්දියානුවන්ට උදව් කළ ගල්ෆ් රටවලට මෝදිගෙන් තුති

March 29, 2026   01:29 pm

මැදපෙරදිග යුද්ධය හමුවේ මැදපෙරදිග වෙසෙන කෝටියකට අධික ඉන්දියානුවන්ට ලබාදෙන සහයෝගය වෙනුවෙන් සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවලට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඔහු ස්තුතිය පළ කර තිබේ.

අද (29) පැවැති 'මන් කි බාත්' (Mann Ki Baat) ගුවන් විදුලි වැඩසටහන හරහා අගමැති මෝදි මහතා ඉන්දියානු ජනතාව අමතමින් මේ බව සඳහන් කර ඇත.

ලෝකයේ පවතින ඉන්ධන අර්බුදයට ඉන්දියාව සාර්ථකව මුහුණ දෙන බවත්, පෙට්‍රල් සහ ඩීසල් මිල පාලනය කිරීමට රජය බදු සහන ලබා දී ඇති බවත් ඔහු පවසා ඇත.

එසේම, ගෑස් හිඟයට පිළියමක් ලෙස නළ මාර්ග හරහා ස්වාභාවික වායුව ලබාදීම වේගවත් කරන බව ඔහු සඳහන් කළේය.

මෙම යුද තත්ත්වය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙස ඔහු විපක්ෂයෙන් ඉල්ලා ඇති අතර, රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බව ඔහු අවධාරණය කර තිබේ.